Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වැරදී පක්ෂයට ඡන්දය දුන් ඉන්දියානු ඡන්දදායකයෙක් අතේ ඇඟිල්ලක් කපා ගනී (PHOTO)

1889Views

වැරදි දේශපාලන පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කර ඇති බව වටහාගත් ඉන්දියානු ඡන්දදායකයෙකු අතේ ඇඟිල්ලක් කපාගෙන තිබේ.

පවන් කුමාර් නැමති මෙම පුදගලයා පවසන්නේ තමා අත් වැරදීමකින් භාරතීය ජනතා පක්ෂයට ඡන්දය ප්‍රකාශ කළ බවයි.

එම නිසා තමා අතේ ඇඟිල්ලක් කපාගත් බව ඔහු සඳහන් කරයි.

තමාට බහුජන සමාජ පක්ෂයට ඡන්දය දීමට අවශ්‍ය වී තිබුණත්, ඡන්දය ප්‍රකාශ කරන යන්ත්‍රයේ තිබූ සංකේත නිසා ව්‍යාකූලත්වයට පත්වූ බව පවන් කුමාර්  පවසයි.

ඔහු ඊයේ (18) වනදා උත්තර ප්‍රදේශයේ බුලන්ද්ෂාහි ඡන්දය ප්‍රකාශ කර තිබේ.මෙය ඉන්දියානු මහ මැතිවරණ ඡන්ද විමසීමේ දෙවන අදියරයි.

‘මට ඕන වුණේ අලියට ඡන්දේ දෙන්න..එත් වැරදීමකින් වැරදීමකින් නෙළුම් මලට (භාරතීය ජනතා පක්ෂයේ සංකේතය) ඡන්දය භාවිත වුණා‘ යැයි පවන් කුමාර් පවසන වීඩියෝවක්ද ඉන්දියාවේ ජනප්‍රියත්වයට පත්ව තිබේ.