Monday, August 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘වාහනයේ බැටරිය මාරු කිරීම ආවට ගියාට කරන්න එපා‘‘ හරිම බැටරිය තෝරාගන්නේ මෙහෙමයි

5613Views

වාහනයක් ධාවනය කරද්දී අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි විදුලිය. මේ විදියට වාහනේකට අවශ්‍ය විදුලිය ලබා ගන්න අපිට බැටරියක් සවි කරන්න වෙනවා. මේ විදියට අපි සවිකරන බැටරිය වාහනයේ තියෙන වැදගත්ම අංගයක් කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. මොකද  බැටරිය බැස්සොත් වාහනේ හොල්ලන්නවත් වෙන්නේ නැහැ.

ඒ නිසා වාහනේට බැටරියක් තොරාගනිද්දි ගොඩක් හිතන්න වෙනවා. මොකද කාලයත් එක්ක ඔබේ වාහනයේ බැටරියේ විවිධ ගැටළු ඇති වෙන්න පුළුවන්. බැටරිය ඇතුලේ තියෙන දේවල් වල රසායනික සංයුතිය වෙනස් වෙනස් වීම නිසා කලින් තරම් බලයක් නොලැබීම, හරියට චාර්ජ් නොවීම වගේ ගැටළු ඇති වෙන නිසා දෙපාරක් හිතන්නෙ නැතිව බැටරියක් මිලදී ගත්තොත් ඔබට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්දවෙනවා.

විශේෂයෙන්ම අපි බැටරියක් මිලදී ගනිද්දි ගොඩක් දේවල් ගැන සැළකිළිමත් වෙන්න ඕන.වාහනයට අවශ්‍ය විද්‍යුත් ධාරිතාවය පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම, ඔබ මිලදී ගන්නා බැටරියට හිමවන වගකීම් කාළය වගේම උසස් තත්ත්වයේ බැටරි වර්ගයක් මිලදී ගැනීම සඳහා, ඔබ කීර්තිමත් වෙළඳ නියෝජිතයන් තෝරා ගැනීමද ඉතාමත්ම වැදගත් වෙනවා.

ඒ නිසා අද අපි ඔබට කියන්නෙ වෙළඳ පොළේ තියෙන උසස්ම තත්වයේ බැටරියක් තෝරගන්න වගේම,ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය භාවිතා කරමින් ඔබගේ වාහනයේ බැටරිය පරීක්ෂා කරගන්න පුලුවන් 1980 වසරේ සිට මේ දක්වා අවුරුදු 40 කට ආසන්න කාලයක් තිස්සේ මෙරට රථවාහන බැටරි ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමයක් දිනාගත්  LUCKSONS BATTERY SALES CENTRE  ආයතනය ගැන.

වෙළඳපොළේ බැටරි මිලදී ගන්න ඕනෑ තරම් ස්ථාන තිබුනත් එවැනි ස්ථාන වලින් බැටරි මිලදී ගැනීම සහ බැටරිය මාරු කිරීම එතරම් නුවණට හුරු නැහැ. මොකද වාහකයකට බැටරියක් මිලදීගෙන එය මාරුකිරීමේදී අනුගමනය කළ යුතු තාක්ෂණික ක්‍රමවේදයක් වගේම ඒ දේවල් සඳහාම වෙන්වුනු සුවිශේෂී උපකරණ තියෙනවා. මේ වන විට ලංකාවේ වෙළඳපොළ තුල එම නිවැරදි ක්‍රමවේදයන් සහ උපකරණ භාවිතා කරමින් සේවා සපයන එකම ස්ථානය LUCKSONS BATTERY SALES CENTRE පමණක් වීම විශේෂත්වයක්.

ඒ වගේම තමයි 2012 වසරේ සිට LUCKSONS BATTERY SALES CENTRE මඟින් සිය ගණුදෙණුකාර භවතුන්ගේ දත්ත පද්දතියක් පවත්වාගෙන යන නිසා ඉතා පහසුවෙන් ඔබට ඔවුන්ගේ සේවාව ලබා ගන්න පුළුවන් වගේම, ඔබ වාහනයට යොදන බැටරිය සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය ඕනෑම ගැටළුවක් ඉතා පහසුවෙන් විසඳා ගැනීමට ඔබට අවස්ථාව හිමිවනවා.

එසේම Hybrid Start Battery සහ යුරෝපයෙන් ආනයනය කරන වාහන සඳහා අවශ්‍ය  Battery සොයා ගැනීමට බොහෝ වාහන හිමිකරුවන්ට ලොකු වෙහෙසක් දරන්න සිද්දවෙනවා. නමුත් ඔබ ඔබේ වාහයට අවශ්‍ය බැටරිය තෝරා ගන්න යන්නෙ LUCKSONS BATTERY SALES CENTRE වෙතනම්  කිසිම අපහසුවකින් තොරව ඔබේ වාහන බැටරි අවශ්‍යතාවයන් සපුරා ගන්න පුලුවන්. මේ හේතුව නිසාම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නමගිය ආයතන රැසක් මේ වෙද්දි සිය සියළුම රථවාහන බැටරි අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා  LUCKSONS BATTERY SALES CENTRE තෝරා ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම LUCKSONS BATTERY SALES CENTRE හි පුහුණු කාර්යමණ්ඩල විසින් සිය පාරිභෝගිකයින්ගේ රථවාහන බැටරි සම්බන්ද ගැටළු වලට ඕනෑම අවස්ථාවක සහය වීමට ජංගම සේවයක්ද ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ජාඇල, දිවුලපිටිය,වෙන්නප්පුව,මීගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි LUCKSONS BATTERY SALES CENTRE ආශ්‍රිත ප්‍රදේශයන් වලදී එම සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.  එසේම වෙළඳපොළ තුල එවැනි සේවාවක් ලබා දෙන එකම ආයතනය LUCKSONS BATTERY SALES CENTRE පමණක් වීමද  විශේෂත්වයක්.

මේ අතර ගුණාත්මක අතින් ඉහළ EXIDE ,LUCAS, DAGENITE, AMARON, EMTRACT, YUASA, PANASONIC, VOLTA, GLOBATT, FB ඇතුළු ලෝකයේ අංක එකේ බැටරි සන්නාමයන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර හිමි LUCKSONS BATTERY SALES CENTRE සිය පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී වැඩමුළුද සංවිධානය කරමින් සිය පාරිභෝගිකයින්ට සුවිශේෂී දැනුම් සම්භාරයක් ලබා දීමට කටයුතු කරනවා.

මෙවන් වූ වටිනා සේවා රැසක් ඔබට ලබා දෙන LUCKSONS BATTERY SALES CENTRE මඟින් ඔබගේ යතුරු පැදියේ සිට බස්,ලොරි ඇතුළු ඕනෑම රථවාහනයක් සඳහා අවශ්‍ය බැටරි වර්ග ඉතා විශ්වාසවන්තව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඔබට අවශ්‍යනම්  072-7744844 දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳ ඔබට දැනගන්න පුලුවන්.  

‘‘