Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීමට අසාද් සාලිගේ බස්නාහිර ආණ්ඩුකාර කාර්යාලයෙන් ලක්ෂ පහළොවක්.!

2040Views

මිනුවන්ගොඩ ජුම්මා පල්ලියට කලහකාරී පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එම ස්ථානයේ සිදුව ඇති අලාභ හානි පිළිසකර කර ගැනීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරකාර්යාලය රුපියල් මිලියන 1.5ක් ලබා දී තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් එම පල්ලියේ ප්‍රධාන භාරකරුවන අල්-හජ් එම්. ආර්.එම්. සාවාහීර් වෙතට අදාළ චෙක්පත ලබාදුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

රාමසාන් මාසයේදී මුස්ලිම්වරුන්ට දිවා රාත්‍රී කාලය තුළ සාමූහිකව යාඥා සිදු කිරීමට අවශ්‍ය බැවින් පල්ලිය ඉතා ඉක්මින් පිළිසකර කර ගන්නා ලෙස දැනුම් දුන් බවද එම කාර්යාලය සඳහන් කරයි.