Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්වන්න විශාල උත්සහයක් ගන්නවා - සී.වී.විග්නේස්වරන්

3418Views

බෝම්බ පිපිරවීමේ සිද්ධීන් හා වෙසක් සමය ප්‍රයෝජනයට ගනිමින් දකුණේ දේශපාලනඥයින්  ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්නුම් කිරීමට විශාල උත්සහ දරණ බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන්  පවසයි.

යාපනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් සී.වී.විග්නේස්වරන් කියා සිටියේ බෝමබ පිපිරවීමේ සිද්ධියත් කඩු අසුවීමේ සිද්ධියත්  නිසා විවිධ චෝදනාවන්ට ලක් වී අසරණ වී සිටින මුස්ලිම් ජනතාවගේ සහයෝගයද මේ සදහා කූට දේශපාලනඥයින් විසින් ඉතා නින්දිත ආකාරයට ලබාගනිමින් සිටින බවයි.

මේ තත්ත්වය බහුවිධ ජාතියක් හා විවිධ ආගම් නියෝජනය කරණ පිරිසක් සිටින රටක සිදු නොවිය යුතු  තත්ත්වයක් බවද විග්නේස්වරන් මහතා කියා සිටියේය.

1983 වසරේදී මේ රටේ සිදු වූ සිදුවීම් කීපයකදී ද දෙමළ ජනතාව රටේ හතුරන් පිරිසක් බවට හුවා දක්වමින් සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නැංවීමට එදා පැවති රජය උත්සහ කිරීමේ ප්‍රතිපලය වූයේ යුද්ධය වසර තිහක් වැනි කාලයක් දික්ගැසීම බවද මෙහිදී උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

සිදුවීම් සිදුවන්නේ ජාතිය හා ආගම මුල කරගෙන නොවන  නිසා ඒ සිදුවීම් සිංහල බෞද්ධකරණයට පත් කරගැනීම අනාගතයේ ඉතා භයානක ප්‍රතිපලයන් ඇතිවීමට හේතුවක් විය හැකි බවද විග්නේස්වරන් මහතා මෙහිදී කියා සිටියේය.