Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ට්‍රම්ප්ගේ තීරණයෙන් ලෝක තාක්ෂණ අනාගතයම වෙනස් වේ - චීනයේ හුවාවී දුරකථන වලට ඇමෙරිකාවේ ගූගල් සේවයත් අහිමියි!

14364Views

ලෝක බලවතා ඇමෙරිකා එක්සත් ජනපදයත් ලෝකයේ නැගී එමින් පවතින ආර්ථිකයට හිමිකම් කියනා චීනයත් අතර පවතින සීතල යුද්ධය නව මානයකට ගෙන යෑමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයක් හේතු වී තිබේ. එනම් ඇමෙරිකානු තාක්ෂණ සමාගම් වලට චීනය සමග ව්‍යාපාර කටයුතු කිරීමට සීමාවක් පැනවීමයි.

එහිදී චීන සමාගම් සමග ව්‍යාපාර කිරීමට අවශ්‍ය ඇමෙරිකානු තාක්ෂණ සමාගම් සදහා එරට රජයේ අවසර ගත යුතු වෙනවා. 

ඇමෙරිකානු ජනපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ චීනය නිපද වූ ජංගම දුරකථන, පරිඝණක ආදී උපකරණ ඇමෙරිකාව සහ බටහිර පුරාම පැතිරීමත් සමගයි. චීන සන්නිවේදන උපකරණ ඇමෙරිකාව පුරා පැතිරී තිබීම මගින් එරට බුද්ධිමය තොරතුරු වලට පවා චීනයට පහසුවෙන් ප්‍රවිශ්ඨ විය හැකි බවට ඇමෙරිකාව හඳුනා ගෙන තිබේ.

එම හේතුවෙන් ඇමෙරිකානු ජනපතිවරයා සිය විධායක බලතල භාවිතා කරමින් මෙම තීරණය ලබා ගෙන තිබෙන බව කියවේ.

ඒත් සමගම ලොව දැවැන්තම තොරතුරු තාක්ෂණ ආයතනය වන ඇමෙරිකාවේ ගූගල් සමාගම චීනයේ 'හුවාවි' දුරකථන වලට ලබා දුන් සිය සේවා සීමා කිරීමට තීරණය කර තිබේ. හුවාවි දුරකථන මෙතෙක් භාවිතා කළේ ගූගල් සමාගම විසින් නිපදවා නොමිලයේ ලබා දෙන 'ඇන්ඩ්‍රොයිඩ්' මෙහෙයුම් පද්ධතියයි. මේ අනුව මින් ඉදිරියට හුවාවි දුරකථන සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට නොහැකි වී තිබේ.

හුවාවි මෑතක සිට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින ජංගම දුරකථනයක් වන අතර ඔවුන් සිය නව ජංගම දුරකථන සමග ඇපල් සහ සැම්සුන්ග් අභිබවමින් සීග්‍රයෙන් ඉදිරියට පැමිණියා. 

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය එම රටවල් දෙකට මෙන්ම මුලු ලෝකයටම ප්‍රබල ලෙස බලපාන බව තාක්ෂණික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඇමෙරිකානු සමාගම් වලට අයත් ඇපල් සහ සැම්සුන්ග් දුරකථන හා උපාංග පවා නිපැයුම හා එකලස් කිරීම සිදු වන්නේ චීනයේදීයි. එමගින් ඇමෙරිකානුවන්ට ලැබිය යුතු ‍රැකියා චීනයට හිමි වන බවත්, එම හේතුවෙන් ඇපල් වැනි සමාගම් සඳහා තමන්ගෙන් කිසිඳු සහයක් හිමි නොවන බව ට්‍රම්ප් මින් පෙර ප්‍රකාශ කළා.

මෙම තීරණයත් සමග ගෝලිය තාක්ෂණ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් වීම නියත බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මේ සමග චීනය සහ ඇමෙරිකාව අතර ව්‍යාපාරික යුද්ධය තවත් තියුණු වී තිබේ. චීනය මින්පෙර බොහෝ ඉදිරියෙන් පසුවූවද ජාතිකවාදී ප්‍රතිපත්ති ඇමෙරිකාවට හඳුන්වා දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා මේ වනවිට ඇමෙරිකාව ඉතා සාර්ථකව මෙහෙයවමින් සිටිනා බවද විචාරකයන් පවසා තිබුණා.