Monday, August 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලංකාව සිංහල බෞද්ධ රටක් -  වහබ්වාදය පැතිරවීම වහාම නවතා දමනවා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන කියයි

2535Views

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

බියගම ඊයේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

එමෙන්ම වහබ්වාදය ශ්‍රී ලංකාවේ පැතිරවීම නවතා දැමිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ඔව් මේක සිංහල බෞද්ධ රටක්. මෙහි බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයින්. පෞද්ගලික මතයක් හැටියට තමයි එතුමා (මංගල සමරවීර ) ඒ ප්‍රකාශය කළේ. හැබැයි අපි කවුරුත් දන්නවා මේ ලංකාවේ සියයට 70කට වඩා ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව.

අරාබියෙන් වෙළඳමට මෙහාට ඇවිල්ලා ඒ අය පදිංචිවුණාට පස්සේ ලංකාවේ සංස්කෘතියට ගෞරව කරමින් තමයි ඒ අය ජිවත් වුණේ. කිසි ප්‍රශ්ණයක් ඇතිවුණේ නෑ. මෑත කාලයේ සිට තමයි මැදපෙරදිග තිබෙන වහබි කියන සංස්කෘතියක් ගෙනල්ලා මේ මුස්ලිම් ජනතාව තුළ මතුවෙලා ගැටුම් ඇති වෙලා තිබෙන්නේ.

වහබි සංස්කෘතිය ගෙනියන කණ්ඩායමක් ඉන්නේ ඕක නවත්වන්නට ඕන. ඒක රටේ සංස්කෘතියට අයිති නැති එකක්. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. ත්‍රස්ත කල්ලියේ විශාල ගණනාවක් අත්ඩංගුවට ගෙන තිබෙනවා. තවත් අය අත්අඩගුවට ගැනිමට තිබෙනව. තවත් නොබෝ දිනයකින් ඒ අය අත්අඩංගුවට ගනීවි.”