Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කටුවපිටිය දේවස්ථානය ප්‍රතිසංස්කරණයට Idea සමූහ ව්‍යාපාරය අත දෙයි...!

5115Views

අපදා අවස්ථා වලදී මෙන්ම තවත් අයෙකුට පිහිටක් අවැසි මොහොතක ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ශ්‍රී ලාංකිකයින් සතුව ඇති ඉහල ගුණාංගයක්. ඒ අනුව යමින් මෙරට ජනතාවට සහයක් අවැසි සෑම මොහොතකදීම ඒ වෙනුවෙන් කැපවී තම වගකීම ඉටුකරන Idea සමූහ ව්‍යාපාරය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් මීගමුව කටුවපිටිය දේවස්ථානයෙහි සිවිලිම ප්‍රතිසංස්කරණය සඳහා සිවිලිම් ෂීට් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා.

සමාජ සත්කාර හා මානව වගකීමක් වන එම පුණ්‍ය ක්‍රියාවෙහි පොරොන්දු ඵලකය Idea සමාගමේ සභාපති සම්පත් මායාකඩුව මහතා විසින් අගරදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණන් වෙත කොළඹ අගරදගුරු නිවසේදී  ප්‍රධානය කළ අතර සම්පත් මායාකඩුව මහතා මීට පෙරද මෙවැනි සමාජ සත්කාර රැසකට සිය දායකත්වය ලබා දුන්නා.

මෙවැනි පොදු සමාජ වගකීම් වලදී නිරන්තරයෙන්ම පෙරට එන සම්පත් මායාකඩුව මහතා පිළිබඳවද මෙහිදී සිහිපත් කළ යුතු වනවා. ඒ අනුව එකම ක්ෂේත්‍රයකට සීමා නොවී විවිධ ක්ෂේත්‍ර කෙරෙහි දක්ෂතා දැක්වූ නිසාම සම්පත් මායාකඩුව මහතා ඉතා කෙටි කලක් තුල තම ව්‍යාපාරික ජීවිතය සාර්ථක කරගත්තේ විශාල පිරිසකටද රැකියා අවස්ථාවන්ද හිමිකර දෙමින්.

ඔහු විසින් ආරම්භ කළ “සිවිලිම” ප්‍රදර්ශනාගාර ජාලය ඉතා කෙටි කලක් තුල මුළු රටවටා ව්‍යාප්ත කළ ඔහු ප්‍රදර්ශනාගාර 400කින් යුත් එහි අලෙවි ජාලය මෙරට විශාලතම ප්‍රදර්ශනාගාර ජාලය බවටද පත්කළා. එසේම ඔහුගේ නිර්මාණශීලී හැකියාව නිසාම සියන, i-Panel, i-Roof වැනි ඉතා ජනප්‍රිය සන්නාම රැසකට හිමිකම් කියන සමාගමක් බවට සිය සමාගම පත් කිරීමට ඔහු සමත් වනවා.

මේ වන විට කාර්මික අංශයේ පේටන්ට් බලපත්‍ර 42 කට හිමිකම් කියන සම්පත් මායාකඩුව මහතා නව චින්තනයක්, නව දැක්මක් සහිතව ඉදිරියට යන්නේ මෙරට ව්‍යාපාරිකයන්ටද ආදර්ශයක් ලබා දෙමින්.