Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කෝලි සිය මහත්මා ගුණය ලොවටම පෙන්වනමින් ඉන්දියානු ප්‍රෙක්ෂකයන්ට අමතක නොවන පාඩමක් කියා දෙයි (VIDEO)

12810Views

ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයේ (09) පැවැත්වූ තරඟයේදී වාර්තාවූ සිදුවීමක් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් තිබේ.

මෙම තරඟය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති අතර ලකුණු 36ක ජයක් හිමි කරගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු රකිමින් සිටි අවස්ථාවේ ඉන්දියානු ප්‍රෙක්ෂකයනි් ‘බූ‘ හඩ නගමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත්ට විරෝධය පළ කළේය.

එම අවස්ථාවේ පන්දුවට පහරදෙමින් සිටියේ ඉන්දියානු නායක විරාත් කෝලි වන අතර ඔහු ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට එසේ නොකරන ලෙස සංඥා කරමින්, ස්ටීවන් ස්මිත් දෙසට ගොස් යමක් සඳහන් කරනු දැකගත හැකිවිය.

තරඟයෙන් අනතුරුව අදහස් පළකළ කෝලි සඳහන් කර සිටියේ ඉන්දියානු ප්‍රෙක්ෂකයන්ගේ හැසිරීම අනුමත කළ නොහැකි බවය.

එසේ විරෝධය පළ කිරීමට ස්ටීවන් ස්මිත් කිසිවක් නොකළ බවත්,අතීතයේ සිදුවූ සිදුවීම් වලට වැරදිකරු වී එය පිලිගෙන තිබියදීත් මෙවැනි දේ සිදු කිරිම සුදුසු නොවන බවද කෝලි කියා සිටියේය.ඔවුන් වෙනුවෙන් තමා ස්ටීවන් ස්මිත්ගෙන් සමාව ඉල්ලා සිටි බවද ඉන්දියානු නායකයා සඳහන් කළේය.

කෝලිගේ මෙම විශිෂ්ඨ ක්‍රියාව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තිබේ.වීඩියෝව පහතින් නරඹන්න.