Sunday, July 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ලසිත් මාලිංගගේ නැන්දණිය අභාවප්‍රාප්ත වේ - බංග්ලාදේශ තරගයෙන් පසුව 'මාලි' නැවතත් ලංකාවට.!

5418Views

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නැන්දණිය (බිරිඳගේ මව) අද පෙරවරුවේ (11) අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයෙන් පසු අවමංගල්‍යට සහභාගී වීම සදහා ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් වාර්තා වෙනවා. 

ඒ නැවතත් එලඹෙන 14 වනදා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අභිලාෂය සහිතවයි.