Monday, August 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පාසල් සිසුවෙකුගේ බෑගයේ සැඟව සිටි අඩි 03 ක නාගයෙක් සොයා ගනී...!

17522Views

තංගල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබන සිසුවෙකු ගේ පාසැල් බෑගයක් තුළ සිටි නාගයෙකු දෙමාපියන් විසින් අල්ලා පාසැල් භූමියෙන් ඉවත් කළ පුවතක් වාර්තා වනවා. 

අදාළ පාසල් සිසුවා විසින් විවේක කාලයේදී  තම ආහාර ඇසුරුම පාසැල් බෑගයෙන් පිටතට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ අතට මෙම සර්පයා හසුවී ඇති අතර පසුව එම සිසුවා ඒ බව පන්තිය භාර ගුරුවරයාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව  ක්ෂණිකව පාසැල් බෑගය වසා දැමූ ගුරුවරයා බෑගය පන්ති කාමරයෙන් පිටතට ගෙන පාසැලේ ආරක්ෂාවට සිටි දෙමාපියන්ට බාර දී තිබෙනවා.

ඒ අනුව දෙමාපියන් විසින් පාසැල් බෑගය පරීක්ෂා කර ඇති අතර එම අවස්ථාවේදී අඩි 03ක් පමණ නාගයෙකු පාසැල් බෑගයේ සිට තිබෙනවා.පසුව දෙමාපියන් විසින් එම නාගයා ආරක්ෂිතව පාසැල් භූමියෙන් ඉවත් කර තිබුණා.