Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වැඩබලන ඇමැතිවරුන් පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි - අගමැතිගෙන් ජනපතිට ලියුමක්

2316Views

පසුගියදා ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  ලිපියක් යවමින් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. 

පසුගිය ජුනි මස 03 වෙනිදා රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලිම් යන අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යංශ 04 ක් සඳහා රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත පසුගිය සතියේදී යවා ඇති බවයි වාර්තා වුනේ. 

කෙසේ නමුත් පුරප්පාඩුවී ඇති අමාත්‍යංශයන්හි වැඩබලිම සඳහා බුද්ධික පතිරණ,ලකී ජයවර්ධන සහ අනෝමා ගමගේ යන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ.

ඒ අනුවයි කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක එම අමාත්‍යාංශයන්හි වැඩබලන ඇමැතිවරුන් පත්කළ නොහැකි බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව එම පත්කිරීම් ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යවරයා විසින් අදාල  ලිපිය මගින් කරුණු පෙන්වාදී ඇත්තේ.

එසේම ඇමතිවරුන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතුව ඇති බවත්, තමා එවැනි නිර්දේශ කිරීමක් සිදුකර නොමැති බවත් එම ලිපිය මඟින් දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.