Saturday, October 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොලිස් නිලධාරියෙකු තල්ලු කර පලා ගිය තරුණයා පොලිස් ස්ථාන දෙකක් එකතු වී කොටු කරගත් හැටි

6303Views

වටවල පොලිස්  බල ප්‍රදේශයේදි  රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු තල්ලු කර රාජකාරියට බාධා කරමින් මොටර් රථයකින් පලා ගිය සැකකරුවෙකු වටවල පොලිසියේ නිලධාරින් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක් ව ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කොළඹ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වු මොටර් රථයක් වටවල ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් පරික්ෂා කිරිමේදි එම මොටර් රථය පැද වු තරුණයෙකු සන්තකයේ හෙරොයින් කුඩා පැකට්ටුවක් තිබි ඇති අතර පොලිස් නිලධාරියා විසින් එම  තරුණයා අත්අඩංගුවට ගැනිමට උත්සහ කිරිමේදි පොලිස් නිලධාරියාව තල්ලු කර එම තරුණයා මොටර් රථයෙන් පලා ගොස් තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මක වූ වටවල පොලිසියේ නිලධාරින් ඒ පිලිබදව හැටන් පොලිසියේ නිලධාරින්ව දැනුවත් කර මොටර් රථය අල්ලාගැනිමට උත්සහ කිරිමේදි සැකකාර තරුණයා මොටර් රථය හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ අතුරු මාර්ගයක් ඔස්සේ  ධාවනය කර ඇති අතර එහිදී වටවල පොලිසියේ  සහ හැටන් පොලිසියේ නිලධාරින් රථය  පසුපස ලුහුබැද ගොසින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

අදාල මෝටර් රථය කුරියර් සමාගමකට අයත් බව සඳහන් වන අතර වත්තල ප්‍රදේශයේ සිට බගවන්තලාව ප්‍රදේශය දක්වා භාණ්ඩ තොගයක් අයිතිකරුට භාර දිම සදහා  සදහා ධාවනය කර ඇති බවත්, සැකකාර තරුණයා සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍යය කුඩා පැකට්ටුවක්  තිබු නිසා  සැකකාර තරුණයා එයට බිය වි නොනවත්වා මොටර් රථය ධාවනය කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය ප්‍රකාශ කරනවා.