Saturday, October 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දින තුනක් අතුරුදන්ව සිටි පාසල් දැරියගේ සිරුර හමුවුන තැන

9939Views

දින තුනක කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන පාසැල් සිසුවියකගේ මළ සිරුර අද (16) උදෑසන 7.30 ට පමණ ලොග්ගල්ලා ඔය ජලාශයේ වන ලැහැබක් තුල සිරවී තිබියදී සොයාගත් බව කන්දකැටිය පොලිසිය පවසනවා. මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් සිටියේ බදුල්ල මැද පතන ඉසුරු උයන මාවත ප්‍රදේශයේ පදිංචි ලක්ෂිකා මධුවන්ති ප්‍රනාන්දු නැමැති 19 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්.

පසුගිය 14 වනදා සිට ඇය නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇයගේ ඥාතීන් විසින් කරන පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව කන්දකැටිය පොලීසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ඇය සෙවීමේ කටයුතු ආරම්භ කර තිබුණා. එහිදී ඇය සතු භාණ්ඩ කීපයක් ලොග්ගල්ලා ඔය ජලාශය අසල වන ලැහැබක තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබූ අතර ඒ අනුව ඇය සොයා ලොග්ගල්ලා ඔය ජලාශයේද මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

කෙසේ නමුත් සිද්ධීයෙන් දින තුනකට පසුව  අද උදෑසන සිදුකළ පරීක්ෂණවලදී ලොග්ගල්ලා ඔය ජලාශය වෙත ජලය රැගෙන එන ප්‍රධාන ඇළ මාර්ගයෙන් ජලය මුදාහරිනු ලබන ස්ථානයට මීටර කීපයක් පහලින්වූ වන ලැහැබක තිබී ඇයගේ සිරුර පොලිසියට හමුවී තිබෙනවා.

මෙය දිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන්  කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලබනවා.