Saturday, October 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ඇමෙරිකා රජයෙන් වැටුප් ලබනා රහසිගත නිළධාරියෙක් පාර්ලිමේන්තුවේ" රටට රහසේ කථානායක කරූ කළ වැඩක් හෙළිවේ.!

3514Views

ඇමෙරිකානු රජයෙන් වැටුප් ලබමින් මෙරට පාර්ලිමේන්තුව තුල උපදේශකයෙකු ලෙස කටයුතු කරනා පුද්ගලයෙකු පිළිබඳ ඊයේ දින පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වුනා. 

ඒ මේ පිළිබඳව විපක්ෂය කථානායකවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමගය. මේ පුද්ගලයා කථානායක කරූ ජයසූරියගේ ජාත්‍යන්තර උපදේශකයෙක් ලෙස කටයුතු කරනා බවට විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. එවැනි තනතුරක් පාර්ලිමේන්තු සම්ප්‍රදායේදි නොපැවතුන බවත් මෙලෙසින් තනතුරක් ඇති කිරීම දැඩි ගැටලුවක් බවත් විපක්ෂය චෝදනා කර සිටියා. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, දිනේෂ් ගුනවර්ධන මන්ත්‍රීවරයා හා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒ පිළිබඳව කථානායක කරූ ජයසූරියගෙන් දැඩිව ප්‍රශ්න කර සිටියා. 

ඔවුන් ප්‍රකාශ කළේ ඇමෙරිකානු රජය වෙනුවෙන් වැඩ කිරීමට ඇමෙරිකාවෙන් වැටුප් ලබනා පුද්ගලයෙක් මෙරට පාර්ලිමේන්තුවේ උපදේශකයෙක් වීම දැඩි ගැටලුකාරී ස්වභාවයක් බවයි. කෙසේ වෙතත් මෙම චෝදනාවට පිළිතුරු ලබා දෙමින් කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා මෙම නිළධාරියා තබා ගෙන කටයුතු කරන බවයි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමග අත්සන් කළ ආන්දෝලනාත්මක ඇක්සා ගිවිසුම (ACSA) පසුපසද ප්‍රසාද් කාරියවසම් නම් මෙම ඇමෙරිකානු රජයෙන් වැටුප් ලබනා නිළධාරියා සිටිනා බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඇමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත සෝෆා ගිවිසුම අත්සන් කිරීමට පොළඹවමින් සිටින්නේද මෙම නිළධාරින් බවය. "ඇමෙරිකාවට වැඩ කරන සර්පයො තමයි මේ පාර්ලිමේන්තුවේ දාගෙන ඉන්නේ" යනුවෙන්ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළා.

මෙම චෝදනාවන්ට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හාස්‍යයෙන් ප්‍රකාශ කළේ "ඇමෙරිකාවෙන් උදව් ගන්නෙ නැතුව ඩිස්නි වර්ල්ඩ් එකෙන් උදව් ගන්නද" යනුවෙනි.
 

YOU MAY ALSO LIKE