Saturday, July 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අන්තවාදී බෝම්බ ප්‍රහාරයට ලක් වූ පුංචි ශෙනෝන් පාසල් යයි.! (PHOTOS)

6633Views

අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් එල්ල කළ පාස්කු බෝම්බ ප්‍රහාරය මෙරට ජන සමාජයට එල්ල වූ බලපෑම සුලුපටු නොවේ. ජීවිත 300කට ආසන්න පිරිසක් බිලි ගනිමින්, 500කට අධික පිරිසක් තුවාල ලැබූ පාස්කු ප්‍රහාරයෙන් කුඩා දරුවන් විශාල පිරිසක්ද පීඩාවට පත් වූවා.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් එලෙසින් තුවාල ලැබූ තවත් දරුවෙක් වන ශෙනෝන් පුංචි පුතු මාස දෙකක කාලයකට පසු පාසල් පැමිණියේ අද දිනයේදීයි. එහිදී ඔහුට කිසිඳු වෙනසක් නොදැනෙන සේ ඔහු වෙනුවෙන් අපූරු පිළිගැනීමක් ලබා දී තිබුනා.

පාස්කු ප්‍රහාරයෙන් කුඩා ශෙනෝන් පුතුට සිය මවද අහිමි වූ අතර ජීවිතයත් මරණයත් අතර සටනකින් පුංචි පුතු ජීවිතය බේරා ගෙන තිබුනා.