Friday, September 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බෝම්බයට බිළි වූ කටුවපිටිය දේවස්ථානය යළි ගොඩනැගුණ හැටි (PHOTOS)

4375Views

පාස්කු ඉරිදා ත‍්‍රස්ත‍්‍ර ප‍්‍රහාරය හේතුවෙන් විනාශයට පත් මීගමුව කටුවපිටිය ශූද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව යළි ආගමික කටයුතු වෙනුවෙන් විවෘත කෙරුණා.

පාස්කු ප්‍රහාරයට තෙමසක් සම්පූර්ණ වුන පසුගිය 21 වනදා විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් එම දේවස්ථානය විවෘත කෙරුණු අතර ආරක්ෂක අංශවල පූර්ණ මැදිහත්වීම මත සිදුකෙරුණු දේවස්ථානයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා බොහෝ ආයතන වලින් විශාල දායකත්වයක් ලැබී තිබුණා. එසේම ප්‍රහාරයෙන් දැඩි අලාභ හානි සිදුවුන දේවස්ථානයේ සිවිලිම ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය I - Panel සිවිලිම් ෂීට් Idea සමූහ ව්‍යාපාරය විසින් පරිත්‍යාග කර තිබුනා.

ලෝකයම කම්පා කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දැඩි අලාභ හානි වූ කටුවපිටිය දේවස්ථානය ඉතා කෙටි කලක් තුල යළිත් පෙර තිබූ තත්වයටම ප්‍රතිසංස්කරණය කර තිබුනේ මෙලෙසින්.