Friday, September 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දාසය හැවිරිදි දැරිය ගැබිණියක් කළ තිදරු පියෙක් පොලිසියට කොටුවෙයි - සැකකරු දැරියගේ ළඟම ඥාතියෙක්

3893Views

දාසය හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක බවට පත්කළ තිදරු පියෙකු අද (18) අලුයම අත්අඩංගුවට ගත්බව  පිටිගල පොලිසිය  පවසනවා. මීට වසරකට පමණ ඉහතදී සැකකාර තිදරු පියා දැරියව වරින් වර අපයෝජනය කර ඇති බැව් පොලිසිය පවසන අතර දැරිය අපයෝජනය වනවිට ඇගේ වයස අවුරුදු 15 මාස හයක් බවයි පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර 40 හැවිරිදි පුද්ගලයා දැරියගේ ළගම ඥාතිවරයෙකු බවද පොලිසිය පවසන අතර දැරියට ඇති වූ අසනීප තත්ත්වයටකට ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයකු හමුවූ අවස්තාවේදී සිදුකළ පරීක්ෂණයකදී  ඇය පස්මස්  ගැබිනියක බව හෙළි වී තිබෙනවා.
 
ඒ අනුව මේ සම්බන්ධයෙන් දැරියගේ මව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු  අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.