Saturday, September 21, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මේ එළඹෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි - සෑම  රණවිරුවෙකුගේම පවුල්වල කකුල් දෙක ළගටම ගිහින් සලකනවා‘‘ රණවිරු නීරෝ ගම්මානය විවෘත කරමින් සජිත් කියයි

1536Views

මේ එළඹෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලය බවත්, තිස් වසරක යුධ පිළිකාවේ සාපයෙන් අපේ රට බේරා ගත් සෑම  රණවිරුවෙකුගේම නිවසටම ගොස් සළකන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ආණමඩුවේ ඉදිකරන ලද රණවිරු නීරෝ ගම්මානය විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින්.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

ඡන්දේ කාලෙට ඇතුමුන් කතා කරනවා බොහෝම ජනප්‍රිය මාතෘකාවක් සම්බන්ධයෙන්.ඒ මාතෘකාව වන්නේ රටේ රණවිරුවන් ගැන කථා කිරීමයි. දැන් ප්‍රතිවාදී අය කියනවා ඒ අයලු රටේ මාතෘ භූමිය ආරක්ෂා කරන්නේ.ඒ අයලු රණවිරුවව රැක දෙන්නේ.ඒ අයලු රණවිරුවා වෙනුවෙන් පෙනී සිටින්නේ. 

මාතෘ භූමිය රැක ගත්තු යුද්ධය ජය ගත්තු රණවිරුවන්ව ආරක්ෂා කරන ප්‍රධානතම කණ්ඩායම ඒ අයළු.අපි සියළුම දෙනා අවබෝධ කර ගත යුතුයි ඕනම කෙනෙකුට කථා කියන්න පුළුවන්.

ඕනම කෙනෙකුට කයිවාරු ගහන්න පුළුවන්.කටින් පිටවන ප්‍රකාශ, වචන ක්‍රියාවට නංවනවද නැද්ද කියා රටේ ජනතාව සොයා බලන්න ඕනේ.නීරෝ කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂෙත්‍රයේ සැගවුණු ස්නයිෆර් වෙඩික්කරුවාගේ රාජකාරිය කරපු දක්ෂතම නිලධාරියෙක්.නීරෝ රණවිරුවා 2009 අප්‍රේල් 28 වැනිදා යුද්ධය දිනන්නට සති තුනකට පෙර රට දැය වෙනුවෙන් වීරෝධාර හපන්කම් රැසක් සිදු කර දැයෙන් සමු ගත්තා.

රණවිරුවන් ගැන පම්පෝරි ගහන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ගෙන් මම අහන්න කැමතියි නීරෝ නැති වුනාට පස්සේ නීරෝගේ පවුලේ සාමාජිකයින්ට යුතුකම් ඉෂ්ඨ කලාද කියලා.නීරෝ වැනි දක්ෂ වෙඩික්කරුවෙක් මේ මාතෘ භූමියට බිහි කරපු ඒ මෑණියන් වෙනුවෙන් මොකක්ද කළ යුතු යුතුකම වෙන්නේ.ලැජ්ජයි කියන්න ඒ මෑණියන්ට තමන්ගේම කියලා ඉඩමක් තිබුනේ නැහැ.

මේ තොරතුර මට ලැබුණු විගස නිවාස අධිකාරියට අයත් ඉඩම්කැබැල්ලක් ඇයට නොමිලේ ලබා දුන්නා පමණක් නෙමෙයි,එහි අංග සම්පූර්ණ නිවසක් ඉදිකර අද දවසේ ඇයට බාර දීමටත් කටයුතු කරන්න මම පියවර ගත්තා.2009 ඉදලා 2015 අවුරුද්දේ මුල් භාගය වන තුරු දැන් මේ දේශප්‍රේමීත්ව ගැන බෙරිහන් දෙන කණ්ඩායම මේ රටේ රජ කලා.

මේ එළඹෙන්නේ මගේ කාලයයි.මේ එළඹෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි.සජිත් ප්‍රේමදාසගේ කාලය තුළ රට දැය බේරා ගත්තු තිස් වසරක යුධ පිළිකාව,සාපයෙන් අපේ රට බේරා ගත්තු සෑම  රණවිරුවෙකුගේම පවුල්වල කකුල් දෙක ළගට ගිහිං සලකනවයි කියන එක කියන්න කැමතියි."